පැට් කමින්ස් IPL ගැන තීරණයක් ගනියි

Date:

ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ක්‍රීඩා නොකිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් තීරණය කර තිබෙනවා.

කාර්යය බහුල ජාත්‍යන්තර තරග කාලසටහන හේතුවෙනුයි ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ.

අයි.පී.එල් තරගාවලියට පෙර පෙබරවාරි හා මාර්තු මාසයේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ටෙස්ට් තරග 4 කින් යුත් තරගාවලියක් ඉන්දියාවේ දී ක්‍රීඩා කිරීමට නියමිතයි.

අනතුරුව එංගලන්තයේ දී අලුබදුන ටෙස්ට් තරගාවලිය මෙන්ම ඉන්දියාවේ දී එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඔස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමේ නායකයා ලෙස ද මෑතකදී පැට් කමින්ස් නම් කෙරුණු අතර, ඒ අනුව ලබන වසරේ දී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ඔහු එක්දින තරගාවලි රැසක් සදහා ද ක්‍රීඩා කරනු ඇති.

අලුබදුන හා ලෝක කුසලාන තරගාවලියට පෙර විවේකයක් ලබා ගැනීමේ අරමුණින් තමා ලබන වසරේ පැවැත්වෙන අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා නොකිරීමට තීරණය කළ බවයි පැට් කමින්ස් සදහන් කළේ.

ඔහුව කොල්කටා කණ්ඩායම විසින් පසුගිය තරග වාරය සදහා ක්‍රීඩක වෙන්දේසියේ දී මිලදී ගනු ලැබුවේ ඉන්දීය රුපියල් කෝටි 7.25 මුදලකටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...