T20 ලෝක කුසලානයේ වටිනාම කණ්ඩායම ICC නිවේදනය කරයි

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වටිනාම කණ්ඩායම (Most Valuable Team of the Tournament) ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අද(14) නිවේදනය කළා.

ඉරිදා(13) පැවැති අවසන් මහා තරගයෙන් පාකිස්තානය පරදා එංගලන්තය කඩුලු 5 ක ජයක් වාර්තා කරමින් දෙවැනි වරටත් 20යි 20 ලෝක ශූරයින් වීමෙන් පසුව ප්‍රකාශයට පත් කෙරුණු මෙම කණ්ඩායමට ලෝක ශූර එංගලන්ත කණ්ඩායමෙන් ක්‍රීඩකයින් සිව් දෙනෙකු නම් කර තිබීම විශේෂත්වයක්.

පාකිස්තාන ක්‍රීඩකයින් දෙදෙනෙකු ද, ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනෙකු ද, දකුණු අප්‍රිකා, නවසීලන්ත හා සිම්බාබ්වේ ක්‍රීඩකයෙකු බැගින් ද මෙම කණ්ඩායමට ඇතුළත්.

ආරම්භක පිතිකරුවන් ලෙස මෙම කණ්ඩායමට නම් කර ඇත්තේ එංගලන්තයේ ඇලෙක්ස් හේල්ස් හා ජොස් බට්ලර්.

අංක 3 හා අංක 4 පිතිකරුවන් ලෙස ඉන්දියාවේ විරාට් කෝලි හා සූර්යකුමාර් යාදව් නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව ශතකයක් වාර්තා කළ නවසීලන්තයේ ග්ලේන් පිලිප්ස් ද තරගාවලියේ වටිනාම කණ්ඩායම සදහා නම් කිරීමටයි අයි.සී.සීය කටයුතු කර ඇත්තේ.

සිම්බාබ්වේ තුන් ඉරියව් ක්‍රීඩක සිකන්ඩ රාසා හා පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක ශඩාබ් ඛාන් ද කණ්ඩායමට නම් කර ඇති අතර, අවසන් මහා තරගයේ හා තරගාවලියේ වීරයා යන සම්මාන ද්විත්වයෙන්ම පිදුම් ලැබූ එංගලන්තයේ සෑම් කරන් ද කණ්ඩායමට ඇතුළත්.

දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක අන්රික් නොකියා, එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් වුඩ් මෙන්ම පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ශාහ් අෆ්රිඩි ද වටිනාම කණ්ඩායමට නම් කර තිබෙනවා.

කණ්ඩායමේ 12 වැනි ක්‍රීඩකයා ලෙස නම් කර ඇත්තේ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්ඩික් පාන්ඩ්යා.

ශ්‍රී ලංකා කිසිදු ක්‍රීඩකයෙකු මෙම කණ්ඩායම සදහා ඇතුළත් කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...