ෆර්ගසන් හා ගුර්බාස් නයිට් රයිඩර්ස් කණ්ඩායමට

Date:

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ලොකී ෆර්ගසන් හා ඇෆ්ඝනිස්තාන පිතිකරු රහ්මනුල්ලාහ් ගුර්බාස් එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග වාරය වෙනුවෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමෙන් මිලදී ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කටයුතු කර තිබෙනවා.

ලොකී ෆර්ගසන් අයි.පී.එල් ශූර ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් පසුගිය තරග වාරයේ දී තරග 13 කදී කඩුලු 12 ක් දවා ගැනීමට සමත් වුණා.

රහ්මනුල්ලාහ් ගුර්බාස් පසුගිය තරග වාරයේ දී ටයිටන්ස් සංචිතය සමග එක්ව සිටියද ඔහු කිසිදු තරගයක් ක්‍රීඩා කළේ නැහැ.

එංගලන්ත පිතිකරු ජේසන් රෝයි වෙනුවටයි ඔහුව ටයිටන්ස් සංචිතයට ආදේශ කර තිබුණේ.

මීට පෙර ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක Jason Behrendorff රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සංචිතයෙන් සිය සංචිතය සදහා මිලදී ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...