උපන්දින සාදයකදී කකුල කඩා ගත් මැක්ස්වෙල්ට දීර්ඝ කාලයක් ක්‍රිකට් අහිමි වෙයි

Date:

පාදයක ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල්ට දීර්ඝ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

මෙල්බර්න් හී දී පැවැති උපන් දින සාදයක් අතරතුර දී සිදු වූ ඇදවැටීමකදී ඔහුගේ පාදයක් මෙලෙස ආබාධයකට ලක්ව ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඔහු මේ වන විට ශල්‍යකර්මයකට ද මුහුණ දී ඇති බවත්, ඒ අනුව සැලකිය යුතු කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වනු ඇති බවත් සදහන්.

ඒ අනුව එළඹෙන සතියේ දී එංගලන්තයට එරෙහිව ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව මැක්ස්වෙල්ට අහිමි වී ඇති අතර, මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම නියෝජනය කරන ඔහුට මෙවර බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ද ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

ග්ලේන් මැක්ස්වෙල් හා උපන් දිනය සමරනු ලැබූ ඔහුගේ මිතුරා ගෙවත්තක දුවමින් සිටියදී ඇද වැටීමකට ලක්වීම හේතුවෙන් මැක්ස්වෙල් මෙම ආබාධයට ලක්ව තිබෙනවා.

දෙදෙනාගෙන් කිසිවෙකුත් එම අවස්ථාවේ දී මත්පැන් පානය කර නොසිටි බව ද සදහන්.

අනතුරින් ඔහුගේ මිතුරා ආබාධයකට ලක්ව නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

මේ අතර, එංගලන්තයට එරෙහි ඔස්ට්‍රේලියානු එක්දින සංචිතය සදහා මැක්ස්වෙල් වෙනුවට ශෝන් ඇබෝට් ආදේශ කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...