ධනුෂ්කගේ ඇප ඉල්ලුමේ අලුත්ම තත්ත්වය මෙන්න

Date:

ඔස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවට ගැණුනු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිය දෙවැනි ඇප ඉල්ලීම ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණයේ දී එම ඇප ඉල්ලීම දෙසැම්බර් මාසයේ දී සලකා බැලීමට නියමිත බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම එක්ව සිටියදී ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවර දී අත්අඩංගුවට පත් වූයේ කාන්තාවකට අතවර කිරීමේ චෝදනා 4 ක් යටතේ පසුගිය 6 වැනිදා අලුයම් කාලයේ දී යි.

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැති තරගය අවසන් වී පැය කිහිපයකට පසුව එම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණා.

අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ට හා කාර්යය මණ්ඩල සාමාජිකයින්ට යළි මෙරටට පැමිණීමට සිදු වූයේ ධනුෂ්ක ගුණතිලක නොමැතිවයි.

ඔහු පළමු වරට ගොණු කළ ඇප ඉල්ලීම පසුගිය 7 වැනිදා සිඩ්නි හි ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණයේ මහේස්ත්‍රාත් රොබර්ට් විලියම්ස් විසින් ප්‍රතික්ෂේප කළා.

31 හැවිරිදි ධනුෂ්ක ශ්‍රී ලංකාවේ පදිංචිව සිටීමත්, ඔහුට සිඩ්නි හි හෝ ඔස්ට්‍රේලියාවේ ජනතාව සමග කිසිදු සම්බන්ධතාවයක් නොමැති වීමත් හේතුවෙන් ඔහු රටින් පිටව යාමේ අවධානමක් පවතින බවයි අධිකරණ ලේඛනවල සදහන් කර ඇත්තේ.

ඔහුට ඇප ලබා ගැනීමේ ක්‍රියාවලියේ දී එය ද තීරණාත්මක සාධකයක් බවට පත්ව තිබෙනවා.

ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ල වී ඇති චෝදනාවට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවක් ද පසුගියදා පත් කළා.

එමෙන්ම ඔහුට එරෙහිව තාවකාලික ක්‍රිකට් තහනමක් ද පැනවීමටයි ක්‍රිකට් ආයතනය කටයුතු කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...