ඉන්දියාවට අමතක නොවන ප්‍රහාරයක් එල්ල කරමින් එංගලන්තය අවසන් මහා තරගයට

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ඉන්දියාව පරදා කඩුලු 10 ක ජයක් වාර්තා කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම අද(10) සමත් වුණා.

ඇඩිලේඩ්හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 169 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තය පන්දුවාර 16 ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ ආරම්භක පිතිකරුවන් වූ ජොස් බට්ලර් හා ඇලෙක්ස් හේල්ස්ගේ සුපිරි ඉනිම්වලින් ශක්තිමත් වෙමින්.

හේල්ස් පන්දු 47 කින් නොදැවී ලකුණු 86 ක් රැස් කළේ හයේ පහර 7 ක් හා හතරේ පහර 4 ක් සමගින්. නායක බට්ලර් පන්දු 49 කින් නොදැවී ලකුණු 80 යි. ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 9 ක් ඇතුළත් වුණා.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ල සදහා ගොඩ නැගුණු ලකුණු 170 නොබිදුණු සම්බන්ධතාවය වාර්තා අතරට එක් වුණේ 20යි 20 ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ දී පිතිකරුවන් දෙදෙනෙකු අතර ගොඩ නැගුණු ඉහළම සම්බන්ධතාවය ලෙසයි.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 168 ක් ලබා ගත්තේ කඩුලු 6 ක් දැවී  සිටියදීයි.

කේ.එල් රාහුල් ලකුණු 5 කට දැවී ගිය අතර, රෝහිට් ෂර්මා ලකුණු 27 යි. සූර්යකුමාර් යාදව් ලකුණු 14 කට දැවී ගියා. විරාට් කෝලි පන්දු 40 කින් ලකුණු 50 ක් රැස් කළේ හයේ පහරක් හා හතරේ පහර 4 ක් සමගින්.

හර්ඩික් පාන්ඩ්යා පන්දු 33 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 63 ක්. හයේ පහර 5 කින් හා හතරේ පහර 4 කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

පන්දු යැවීමේ දී ක්‍රිස් ජෝර්ඩන් ලකුණු 43 කට කඩුලු 3 ක් දවා ගත්තා.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම දෙවැනි වරටත් 20යි 20 ලෝක ශූරතාවයක් ජය ගැනීමේ අපේක්ෂාවෙන් එළඹෙන 13 වැනිදා පාකිස්තානයට එරෙහිව මෙල්බර්න් ක්‍රීඩාංගනයේ දී තරග වැදීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...