ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්තාන තරගාවලියට තරග නිළධාරීන් නම් කෙරේ

Date:

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා තරග නිළධාරීන් නම් කර තිබෙනවා.

මෙම තරග සංචාරයේ දී ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර එක්දින තරග 3කින් යුත් තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.

එක්දින තරගාවලිය අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතට ද අයත් වනවා.

තරගාවලියේ තරග තීරකවරයා ලෙස රංජන් මඩුගල්ල මහතා කටයුතු කරන බවත්, රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල් හා නිටින් මැනන් යන මහත්වරුන් විනිසුරුවන් ලෙස කටුයුතු කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

තරග සංචාරය අරඹමින් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම නොවැම්බර් 22 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත අතර, තරගාවලියේ සියලු තරග මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

පළමු එක්දින තරගය නොවැම්බර් 25 වැනිදා ද, දෙවැනි තරගය 27 වැනිදා ද, තෙවැනි තරගය 30 වැනිදා ද පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Match Referee
1) Ranjan Madugalle – ICC Chief Match Referee
Umpiring Panel
1) Nitin Menon – Member – Elite Panel of ICC Umpires
2) Ruchira Palliyaguruge – ICC International Panel of Umpires
3) Raveendra Wimalasiri – ICC International Panel of Umpires
4) Lyndon Hannibal – ICC International Panel of Umpire

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...