ධනුෂ්ක සිඩ්නි අධිකරණයට ඉදිරිපත් කෙරේ

Date:

ඔස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා දීම අද(7) දිනයේ දී ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.

කාන්තාවකට අතවර කිරීමේ චෝදනා යටතේ ඔහුව ඉරිදා(6) අලුයම් කාලයේ දී අත්අඩංගුවට ගෙන තිබුණේ සිඩ්නි නුවර හෝටලයකදීයි.

අනතුරුව ඔහුව අද දිනයේ දී සිඩ්නි නුවර අධිකරණයක් හමුවට වීඩියෝ මාර්ගගත තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කර තිබූ අතර, එහිදී ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා දීම ප්‍රතික්ෂේප වී ඇති බව සදහන්.

සිද්ධිය සම්බන්ධයෙන් වන අධිකරණ ක්‍රියාවලිය තම ආයතනය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

අයි.සී.සී ය සමඟ සාකච්ඡා කර, මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කඩිනමින් ආරම්භ කරන බවත්, වරදකරු වුවහොත් ක්‍රීඩකයාට එරෙහිව දැඩි පියවර ගන්නා බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටියා.

ධනුෂ්ක ගුණතිලක මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය අතරතුර දී ආබාධයකට ද ලක් වූ අතර, ඔහු වෙනුවට අශේන් බණ්ඩාර සංචිතයට ආදේශ කිරීමට පියවර ගෙන තිබුණා.

කෙසේ වෙතත්, ධනුෂ්කව මෙරටට නොයවා තවදුරටත් සංචිතයේ සෙසු ක්‍රීඩකයින් සමග අමතර ක්‍රීඩකයෙකු ලෙස රදවා ගැනීමටයි කණ්ඩායම් කළමණාකාරීත්වය පියවර ගෙන තිබුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...