2024 T 20 ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබූ රටවල් 12 මෙන්න

Date:

2024 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී හා අමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා මේ වන විට රටවල් 12 ක් සුදුසුකම් ලබා තිබෙනවා.

තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිතව ඇති සමස්ත රටවල් සංඛ්‍යාව 20ක්.

ඒ අනුව 20යි 20 ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ දී වැඩිම රටවල් සංඛ්‍යාවක් ක්‍රීඩා කරන ලෝක කුසලාන තරගාවලිය බවට එම තරගාවලිය පත් වීමට නියමිතයි.

තරගාවලියේ සත්කාරකත්වය දැරීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව්වන් හා අමෙරිකාව තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබා ගත්තා.

මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියෙන් පසු වන රටවල් 8 සදහා ද 2024 ලෝක කුසලානය සදහා සෘජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව ලබා දී තිබුණා.

ඒ අනුව සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයේ පෙරමුණේ පසු වන කණ්ඩායම් 4 වන නවසීලන්තය, එංගලන්තය, ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව මෙන්ම දෙවන කාණ්ඩයේ පෙරමුණේ පසුවන කණ්ඩායම් 4 වන ඉන්දියාව, පාකිස්තානය, දකුණු අප්‍රිකාව හා නෙදර්ලන්තය යන කණ්ඩායම් තරගාවලියට සෘජුව සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

ඊට අමතරව 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් පසුවන සෙසු කණ්ඩායම් දෙක සදහා ද 2024 ලෝක කුසලානය සදහා සෘජුව සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ලබා දී තිබූ අතර, ඒ අනුව ශ්‍රේණිගත කිරීම්වලින් ලෝක කුසලානය සදහා සෘජුව සුදුසුකම් ලබා ගත්තේ බංග්ලාදේශය හා ඇෆ්ඝනිස්තානයයි.

2024 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන සෙසු රටවල් 8 කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලි තුළින් තෝරා ගැනීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...