ධනුෂ්කට මොකද වෙන්නේ ? ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

Date:

ඔස්ට්‍රේලියාවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම සිද්ධිය තහවුරු කරමින් ක්‍රිකට් ආයතනය සදහන් කළේ සිඩ්නි නුවරදී කාන්තාවකට අතවර කිරීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් තම ආයතනය දැනුවත් කර ඇති බවයි.

ගුණතිලක හෙට (7) දිනයේ දී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද ක්‍රිකට් ආයතනය සදහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් වන අධිකරණ ක්‍රියාවලිය තම ආයතනය සමීපව නිරීක්ෂණය කරන බවයි ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සදහන්ව ඇත්තේ.

අයි.සී.සී සමඟ සාකච්ඡා කර, මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කඩිනමින් ආරම්භ කරන බවත්, වරදකරු වුවහොත් ක්‍රීඩකයාට එරෙහිව දැඩි පියවර ගන්නා බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටියා.

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (5) පැවැති ශ්‍රී ලංකා – එංගලන්ත තරගය පැවැත්වෙන අවස්ථාවේ දී ද ඔහු ශ්‍රී ලංකා සංචිතය සමග රැදී සිට ඇති බවයි වාර්තා වුණේ. මෙම අත්අඩංගුවට ගැනීම එම තරගයෙන් අනතුරුව සිදු කර ඇති බව සදහන්.

ශ්‍රී ලංකා සංචිතයේ සාමාජිකයින් අද යළි ශ්‍රී ලංකාව බලා පැමිණීමට එරටින් පිටත්ව ගොස් ඇති අතර, ධනුෂ්ක ගුණතිලක නොමැතිවයි ඔවුන් එලෙස දිවයින බලා පිටත්ව ගොස් ඇත්තේ.

ධනුෂ්ක ගුණතිලක තරගාවලිය අතරතුර දී ආබාධයකට ද ලක් වූ අතර, ඔහු වෙනුවට අශේන් බණ්ඩාර සංචිතයට ආදේශ කිරීමට පියවර ගැනුණා.

කෙසේ වෙතත්, ධනුෂ්කව මෙරටට නොයවා තවදුරටත් සංචිතයේ සෙසු ක්‍රීඩකයින් සමග රදවා ගැනීමටයි කණ්ඩායම් කළමණාකාරීත්වය පියවර ගෙන තිබුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...