ධනුෂ්ක ගුණතිලක සිඩ්නි හී දී අත්අඩංගුවට

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර දී යි ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

කාන්තාවක් විසින් සිදු කළ පැමිණිල්ලක් හේතුවෙන් මෙලෙස ධනුෂ්ක ගුණතිලකව අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

ඊයේ(5) ශ්‍රී ලංකා – එංගලන්ත තරගය පැවැත්වෙන අවස්ථාවේ දී ද ඔහු ශ්‍රී ලංකා සංචිතය සමග රැදී සිට ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අත්අඩංගුවට ගැනීම එම තරගයෙන් අනතුරුවයි සිදු කර ඇත්තේ.

ශ්‍රී ලංකා සංචිතයේ සාමාජිකයින් අද යළි ශ්‍රී ලංකාව බලා පැමිණීමට එරටින් පිටත්ව ගොස් ඇති අතර, ධනුෂ්ක ගුණතිලක නොමැතිව ඔවුන් එලෙස දිවයින බලා පිටත්ව ගොස් ඇති බව සදහන්.

ධනුෂ්ක ගුණතිලක තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක් වූ අතර, ඔහු වෙනුවට අශේන් බණ්ඩාර සංචිතයට ආදේශ කෙරුණා.

කෙසේ වෙතත්, ධනුෂ්කව මෙරටට නොයවා තවදුරටත් සංචිතයේ සෙසු ක්‍රීඩකයින් සමග රදවා ගැනීමටයි කණ්ඩායම් කළමණාකාරීත්වය පියවර ගෙන තිබුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...