නෙදර්ලන්තය හමුවේ අනපේක්ෂිත පරාජයක් ලැබූ දකුණු අප්‍රිකාව ලෝක කුසලානයෙන් විසිවෙයි

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 40 වැනි තරගයෙන් නෙදර්ලන්තය හමුවේ අනපේක්ෂිත පරාජයක් ලබමින් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු අත්හැර ගනිමින් සුපිරි 12 වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වීමට දකුණු අප්‍රිකාවට අද(6) සිදු වුණා.

ඇඩිලේඩ් හී දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 159 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 145 ක් පමණයි. ඒ අනුව නෙදර්ලන්තයට ලකුණු 13 ක තියුණු ජයක් හිමි වුණා.

ඒ අනුව ඉන්දියාව දෙවැනි කාණ්ඩයෙන් අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලැබූ අතර, පාකිස්තානය හා බංග්ලාදේශය අතර මෙරට වේලාවෙන් අද පෙරවරු 9.30ට ආරම්භ වන තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ද අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලැබීමට නියමිතයි.

දකුණු අප්‍රිකා – නෙදර්ලන්ත තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්තය කඩුලු 4 ක් දැවී ලකුණු 158 ක් ලබා ගත්තා.

Colin Ackermann නොදැවී ලකුණු 41(26) ක් ලබා ගත් අතර, ටොම් කූපර් ලකුණු 35(19) යි. පන්දු යැවීමේ දී කේෂාව් මහරාජ් ලකුණු 27 කට කඩුලු 2 ක් දවා ගත්තා.

දකුණු අප්‍රිකා පිළිතුරු ඉනිමේ දී රයිලි රොසෝව් ලකුණු 25 ක්, හෙන්රික් ක්ලාසෙන් ලකුණු 21ක් හා ටෙම්බා බවුමා ලකුණු 20 ක් රැස් කළා. පන්දු යැවීමේ දී Brandon Glover ලකුණු 9 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...