Watch : ඉෆ්ටිකාර් ගහපු තරගාවලියේ දිගම හයේ පහර මෙන්න

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පිතිකරුවෙකු එල්ල කළ දැවැන්තම හයේ පහර එල්ල කිරීමට පාකිස්තාන මැදපෙල පිතිකරු ඉෆ්ටිකාර් අහ්මඩ් අද(3) සමත් වුණා.

ඒ, දකුණු අප්‍රිකාවට එරෙහිව සිඩ්නි හී දී අද පස්වරුවේ ආරම්භ වූ තරගයේ දී යි.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායක බාබර් අසාම් පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 185 ක් ලබා ගත්තා.

ඉෆ්ටිකාර් අහ්මඩ් පන්දු 35 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 51 ක්. හයේ පහර 2 ක් හා හතරේ පහර 3 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඔහු එල්ල කළ එක් හයේ පහරක දිග මීටර් 106 ක් ලෙස සටහන් වූ අතර, එය මෙවර තරගාවලියේ මෙතෙක් පිතිකරුවෙකු එල්ල කළ දැවැන්තම හයේ පහරයි.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...