ෆකාර් සමාන් ලෝක කුසලානයෙන් ඉවතට

Date:

පාකිස්තාන මුල් පෙල පිතිකරු ෆකාර් සමාන්ට මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ දකුණු දණහිසෙහි සිදුව ඇති ආබාධයක් හේතුවෙන්.

ඒ අනුව ඔහු වෙනුවට මොහමඩ් හැරිස් පාකිස්තාන සංචිතයට නම් කිරීමටයි එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

දකුණු දණහිසේ ආබාධය හේතුවෙන් ෆකාර් සමාන් මෙවර 20යි 20 ලෝක කුසලානය සදහා වන පාකිස්තාන සංචිතයට පළමුව ඇතුළත් කර තිබුණේ නැහැ.

කෙසේ වෙතත්, ආබාධය සම්පූර්ණයෙන් සුව වී නොතිබූ පසුබිමක ඔහුව සංචිතයට කැදවීමටයි පසුව පාකිස්තාන තේරීම් කමිටුව පියවර ගත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...