ශඩාබ්ගේ තුන් ඉරියව් දක්ෂතා පාකිස්තානයට විශිෂ්ඨ ජයක් ගෙනෙයි

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 36 වැනි තරගයෙන් දකුණු අප්‍රිකාව පරදා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 33 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම අද(3) සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ පන්දුවාර 14 කදී ලකුණු 142 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාවට කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 108 ක් පමණයි.

සිඩ්නි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 185 ක් ලබා ගත්තා.

ශඩාබ් ඛාන් පන්දු 22 කින් ලකුණු 52 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහර 3ක් ඇතුළත්. ඉෆ්ටිකාර් අහ්මඩ් පන්දු 35 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 51 ක්. ඒ, හයේ පහර 2 ක් හා හතරේ පහර 3 ක් සමගින්.

පන්දු යැවීමේ දී අන්රික් නොකියා ලකුණු 41 කට කඩුලු 4ක් දවා ගත්තා.

දකුණු අප්‍රිකා කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී ඔවුන්ගේ ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ හේතුවෙන් තරගය තාවකාලිකව අත්හිටුවීමට සිදු වුණා. ඒ වන විට දකුණු අප්‍රිකාව පන්දුවාර 9 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 69 ක්.

අනතුරුව ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ දකුණු අප්‍රිකාවට පන්දුවාර 14 කදී ලකුණු 142 ක ඉලක්කයක් ලද නමුත්, ඔවුන්ට එම ඉලක්කය සාර්ථකව හඹා යාමට හැකි වූයේ නැහැ.

නායක ටෙම්බා බවුමා ලකුණු 36(19) කට දැවී ගිය අතර, ඒඩ්න් මාක්‍රම් ලකුණු 20 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි ලකුණු 14 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ශඩාබ් ඛාන් ලකුණු 16 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

ICC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...