තවත් ප්‍රබල ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකුට කොරෝනා

Date:

ඔස්ට්‍රේලියානු කඩුලු රකින ක්‍රිකට් ක්‍රීඩක මැතිව් වේඩ්ට ද කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ එංගලන්තය සමග මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත තීරණාත්මක තරගයට පැය 24 ක පමණ කාලයක් ඉතිරිව තිබියදී යි මේ බව අනාවරණය වී ඇත්තේ.

මේ හේතුවෙන් ඔහු අද පස්වරුවේ දී පුහුණුවීම් සදහා ද එක්ව නොමැති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළා.

මීට පෙර ඔස්ට්‍රේලියානු දග පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා ද කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හදුනා ගැණුනු අතර, ඒ හේතුවෙන් ඔහු පසුගිය 25 වැනිදා ශ්‍රී ලංකාව සමග පැවැති තරගය සදහා ද ක්‍රීඩා කළේ නැහැ.

තරගාවලියේ නීති රීතිවලට අනුව කොවිඩ් 19 ආසාදිත ක්‍රීඩකයෙකුට වුවද තරග සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව පවතින නමුත්, එවැනි ක්‍රීඩකයින්ට පිළිපැදීම සදහා සෞඛ්‍ය මාර්ගෝපදේශ කිහිපයක් ද නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බොහෝ විට මැතිව් වේඩ් හෙට තරගය සදහා ක්‍රීඩා කිරීමට ඉඩ පවතින බව සදහන්.

මීට පෙර අයර්ලන්ත ක්‍රීඩක ජෝර්ජ් ඩොක්‍රෙල්ට ද කොවිඩ් 19 ආසාදනය වූ නමුත්, ඔහු රෝගය ආසාදනය වී සිටියදී ම ශ්‍රී ලංකාව සමග පසුගියදා පැවැති තරගය සදහා ක්‍රීඩා කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...