බිනුරගේ ආදේශක ක්‍රීඩකයාට අයි.සී.සී අනුමැතිය

Date:

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බව ජගත් ක්‍රිකට් කවුන්සලය අද(27) තහවුරු කළා.

ඒ, පසුගිය 25 වැනිදා ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගයේ දී ඔහු මුහුණ දුන් වම් පාදයේ ආබාධය හේතුවෙන්.

ඒ අනුව බිනුර වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට ආදේශ කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ඒ සදහා අයි.සී.සී පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ද හිමිව තිබෙනවා.

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතයට අතිරේක ක්‍රීඩකයින් ලෙස අසිත ප්‍රනාන්දු, මතීෂ පතිරණ හා නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් පසුගියදා නම් කෙරුණු අතර, ඔවුන් ඊයේ රාත්‍රී කාලයේ දී දිවයිනෙන් පිටත්ව ගියා.

ඒ, ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ ප්‍රධානී Tim McCaskill සමගින්.

ඔවුන් මෙල්බර්න් හී දී Tim McCaskill ගේ අධීක්ෂණය යටතේ පුහුණුවීම් කටයුතු සිදු කරන බව ක්‍රිකට් ආයතනය ඊයේ සදහන් කළ අතර, අවශ්‍යතාවයක් ඇති වුවහොත් පමණක් සංචිතය සමග එක් වන බවයි ක්‍රිකට් ආයතනය කියා සිටියේ.

ඒ අනුව අසිත ප්‍රනාන්දු පමණක් ශ්‍රී ලංකා සංචිතය සමග එක් වීමට නියමිත අතර, සෙසු ක්‍රීඩකයින් දෙදෙනා මෙල්බර්න් නුවර රැදී සිටිනු ඇති.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් ආබාධවලට ලක්වීම හේතුවෙනුයි තවත් අතිරේක ක්‍රීඩකයින් තිදෙනෙකු ඔස්ට්‍රේලියාව වෙත පිටත් කර හැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙලෙස පියවර ගනු ලැබුවේ.

ඩිල්ෂාන් මදුෂංක, දුෂ්මන්ත චමීර හා ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයින් ද ආබාධවලට ලක්වීම හේතුවෙන් මෙවර තරගාවලියෙන් ඉවත් කිරීමට මීට පෙර පියවර ගැණුනා.

ප්‍රමෝද් මදුෂාන් හා පැතුම් නිස්සංක යන ක්‍රීඩකයින් ද ආබාධවලට ලක් වූ නමුත්, ඔවුන් දෙදෙනා මේ වන විට සුවය ලබා සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...