ශ්‍රී ලංකා තරගයට එක්ව සිටින අයර්ලන්ත ක්‍රීඩකයෙකුට කොරෝනා

Date:

අයර්ලන්ත ක්‍රිකට් ක්‍රීඩක ජෝර්ජ් ඩොක්‍රෙල් කොවිඩ් 19 පරීක්ෂාවකින් ධනාත්මක විය හැකි බවට හදුනා ගෙන ඇතැයි අයර්ලන්ත ක්‍රිකට් ආයතනය අද(23) නිවේදනය කළා.

කෙසේ වෙතත්, අයර්ලන්ත කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ සුපිරි 12 වටයේ තරගයකට එක්ව සිටින අතර, එම තරගය සදහා ද ජෝර්ජ් ඩොක්‍රෙල් ක්‍රීඩා කරනවා.

මේ වන විට ඔහු සම්බන්ධයෙන් කොවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරමින් සිටින බව ද එරට ක්‍රිකට් ආයතනය සදහන් කළා.

වත්මන් නීති රීතිවලට අනුව කොවිඩ් 19 රෝගය සදහා වෛද්‍ය පරීක්ෂණයකින් ධනාත්මක ප්‍රතිපලයක් ලැබුණ ද ක්‍රීඩකයෙකුට ක්‍රීඩා කිරීමට හෝ පුහුණුවීම් සදහා එක්වීමට ඉන් බාධාවක් එල්ල වන්නේ නැනැ.

අයි.සී.සී ප්‍රධාන වෛද්‍ය නිළධාරීවරයාට, ශ්‍රී ලංකා කණ්ඩායමට හා ක්‍රීඩාංගනයේ කාර්යය මණ්ඩලයට මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් ද සිදු කර ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) සදහන් කළේ.

හෝබාර්ට් හී දී අද පැවැත්වෙන තරගයේ දී ජෝර්ජ් ඩොක්‍රෙල් පන්දු 16 කින් ලකුණු 14 ක් රැස් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...