ප්‍රබල ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකුට ශ්‍රී ලංකාවට එරෙහි තරගය අහිමි වන ලකුණු

Date:

ඔස්ට්‍රේලියානු දග පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පාට මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද(25) ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරගය සදහා ක්‍රීඩා කිරීමට නොහැකි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

ඔහුට කොවිඩ් 19 රෝගය ආසාදනය වී ඇති බවට අනාවරණය වීම හේතුවෙනුයි අද තරගය ඔහුට අහිමි වීමේ අවධානමක් මෙලෙස මතුව ඇත්තේ.

අයි.සී.සී හා ඔස්ට්‍රේලියානු රෙගුලාසිවලට අනුව කොවිඩ් 19 රෝගය ආසාදනය වූ ක්‍රීඩකයෙකුට වුව ද මෙවර ලෝක කුසලානයේ දී ක්‍රීඩා කිරීමේ අවස්ථාව පවතිනවා.

කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියානු ක්‍රිකට් බළධාරීන් විසින් ඔහු වෙනුවට ඇෂ්ටන් ඒගාර් අද තරගය සදහා ක්‍රීඩා කරවීමට කටයුතු කරනු ඇති බවයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මීට පෙර අයර්ලන්ත ක්‍රීඩක ජෝර්ජ් ඩොක්‍රෙල්ට ද කොවිඩ් 19 ආසාදනය වූ නමුත්, ඔහු රෝගය ආසාදනය වී සිටියදී ම ශ්‍රී ලංකාව සමග පසුගියදා පැවැති තරගය සදහා ක්‍රීඩා කළා.

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවැත්වීමට නියමිත 19 වැනි තරගය ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර මෙරට වේලාවෙන් අද පස්වරු 4.30ට පර්ත් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...