“ශ්‍රී ලංකාව ගොඩක් භයානක කණ්ඩායමක්” වනිදුට හා තීක්ෂණට පහර දෙන්න මාෂ් සූදානමින්

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන දෙවැනි තරගය අද (25) පස්වරු 4.30 ට සත්කාරක ඔස්ට්‍රේලියාවට එරෙහිව පර්ත් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අද තරගය සදහා වර්ෂාවෙන් බලපෑමක් එල්ල නොවනු ඇති බවටයි අනාවැකි පලව ඇත්තේ.

ආබාධවලට ලක්ව සිටි පැතුම් නිස්සංක හා ප්‍රමෝද් මදුෂාන් මේ වන විට සුවය ලබා සිටින බැවින් අද තරගය සදහා ඔවුන් දෙදෙනා ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

පර්ත් තණතීරුව වේග පන්දු යවන්නන්ට උචිත තණතීරුවක් වුව ද, ප්‍රමෝද් මදුෂාන්ගේ පැමිණීමත් සමග ලහිරු කුමාරට හෝ බිනුර ප්‍රනාන්දුට බොහෝ විට කණ්ඩායමෙන් ඉවත් වීමට සිදු වනු ඇති.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානම ශක්තිය වන දග පන්දු යවන්නන් පර්ත් තණතීරුවේ දී කෙසේ දක්ෂතා දක්වනු ඇත්දැයි බොහෝ දෙනෙකුගේ සුවිශේෂී අවධානයකට ලක්ව ඇති කරුණක්.

ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් මාධ්‍ය හමුවේ සදහන් කර සිටියේ පර්ත් හී දී වනිදු හසරංගට හා මහීෂ් තීක්ෂණට දක්ෂතා දැක් වීම එතරම් පහසු නොවනු ඇති බවයි.

“අපි ඕස්ට්‍රේලියානු තත්ත්වයන් තුළ නිසැකවම දඟ පන්දු යවන්නන්ට එරෙහිව ඉතා හොඳින් ක්‍රීඩා කරනවා. ඒ නිසා මම ඒ අභියෝගයට හොදින් මුහුණ දෙන්න බලාපොරොත්තු වෙනවා” යනුවෙන් මාෂ් සදහන් කළා.

“අපි දන්නවා ඔවුන්ට ලෝක මට්ටමේ පන්දු යවන්නන් දෙදෙනෙකු සිටිනවා කියලා. ශ්‍රී ලංකාව කියන්නේ ගොඩක් භයානක කණ්ඩායමක්. පර්ත් ක්‍රීඩාංගණයේදී දඟ පන්දු යැවීම විශාල බලපෑමක් සිදු නොකරාවි කියලා බලාපොරොත්තු වෙනවා. අපිට පුලුවන් ඔවුන්ට පහර දෙන්න බලන්න. එයාලා (වනිදු හා තීක්ෂණ) ගොඩක් වැදගත් පන්දු යවන්නන් දෙදෙනෙක්. අපිට පුලුවන්නම් ඔවුන්ට (දග පන්දු යවන්නන් දෙදෙනාට) වඩා ඉදිරියට එන්න, අපි තරගයේ ඉදිරියෙන් ඉන්නවා.”

මේ අතර, නිරෝෂන් දික්වැල්ල, අසිත ප්‍රනාන්දු හා මතීෂ පතිරණ ඔස්ට්‍රේලියාව වෙත පිටත් කර හැරීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙවර ලෝක කුසලානයේ දී ආබාධ රැසකට ලක්වීම හේතුවෙන් අවශ්‍ය වුවහොත් සංචිතයට කැදවීමේ අරමුණින් මෙලෙස ක්‍රීඩකයින් තිදෙනෙකු ඔස්ට්‍රේලියාව වෙත පිටත් කර හැරීමටයි පියවර ගෙන ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...