කොදෙව් පුහුණුකරු සමාව ඉල්ලමින් ඉල්ලා අස් වෙයි

Date:

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු පිල් සිමන්ස් සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර තිබෙනවා.

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ස්කොට්ලන්තය හා අයර්ලන්තය හමුවේ ලද පරාජ හේතුවෙන් තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වීමට දෙවරක් ලෝක 20යි 20 ශූරයින් වූ කොදෙව්වන්ට සිදු වීමත් සමගයි ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව නොවැම්බර් 30 වැනිදා ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිත තරග 2 කින් යුත් ටෙස්ට් තරගාවලියෙන් පසුව ඔහු ධූරයෙත් ඉවත් වන බව එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

“අපි ක්‍රීඩා කරා හොද මදි. දැන් අපිට බලන්න වෙලා තියෙනවා අපි නොමැතිව ක්‍රීඩා කරන තරගාවලියක්. එය අදහාගත නොහැකියි. ඒ වෙනුවෙන් මම අපේ ප්‍රේකෂකයින්ගෙන් දැඩිව සමාව ඉල්ලා සිටිනවා.” යනුවෙන් පිල් සිමන්ස් ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කළා.

මෙය පිල් සිමන්ස් කොදෙව් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන දෙවැනි අවස්ථාවයි.

මීට පෙර ඔහු 2016 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජය ගැනීම සදහා ද කොදෙව්වන්ට මග පෙන්වනු ලැබුවා.

අනතුරුව 2019 වසරේ දී යි ඔහු දෙවැනි වරටත් ප්‍රධාන පුහුණුකරු ධූරය සදහා පත් කෙරුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...