ලෝක කුසලානයේ දෙවැනි පෙරළිය ස්කොට්ලන්තයෙන් ; කොදෙව්වන්ටත් අහිමිරි පරාජයක්

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි පෙරළිය සිදු කරමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරදා ලකුණු 42 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ස්කොට්ලන්ත කණ්ඩායම අද(17) සමත් වුණා.

පළමු වටය යටතේ B කාණ්ඩයේ තරගයක් ලෙස හෝබාර්ට් හි පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 160 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට පන්දුවාර 18.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 118 ක් පමණයි.

ස්කොට්ලන්තය වෙනුවෙන් ආරම්භක පිතිකරු ජෝර්ජ් මන්සි පන්දු 53 කින් නොදැවී ලකුණු 66 ක් ලබා ගත්තා. Calum MacLeod ලකුණු 23 ක් ද, මයිකල් ජෝන්ස් ලකුණු 20 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී අල්සාරි ජෝසප් ලකුණු 28 කට කඩුලු 2ක් හා ජේසන් හෝල්ඩර් ලකුණු 14 කට කඩුලු 2ක් බිද හෙලුවා.

ලකුණු 161ක අසාර්ථක හඹා යාමක් වෙනුවෙන් පිටියට පිවිසි කොදෙව් පිල වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගත්තේ ජේසන් හෝල්ඩර්. ඔහු පන්දු 33 කින් ලකුණු 38 රැස් කිරීමට සමත් වුණා.

ක්යල් මේයර්ස් ලකුණු 20 කට දැවී ගිය අතර, බ්‍රෙන්ඩන් කිං ලකුණු 17 ක් ද, එවන් ලුවිස් ලකුණු 14 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී ස්කොට්ලන්තය වෙනුවෙන් Mark Watt ලකුණු 12 කට කඩුලු 3 ක් දවා ගත්තා. Brad Wheal හා Michael Leask කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...