CPL පළමු ජය නයිට් රයිඩර්ස් කණ්ඩායමට

Date:

මෙවර සී.පී.එල් හෙවත් කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.

ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝහි පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ ගයානා ඇමසන් වොරියස් කණ්ඩායමයි.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විම හේතුවෙන් තරගයේ එක් ඉනිමක් පන්දුවාර 17කට සීමා වුණා.

කාසියේ වාසිය දිනා ගත් නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායක කිරන් පොලාඩ් පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගයානා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 144ක් රැස් කළා.

ශිම්රන් හෙට්මයර් නොදැවී ලකුණු 62ක්(44) ලබා ගත්තේ හයේ පහර 2ක් සහ හතරේ පහර 2ක් සමගින්.

පන්දු යැවීමේ දී සුනිල් නරායන් කඩුලු 2ක් බිද හෙලුවේ ලකුණු 19ක් පමණක් ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 2ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 6ක් දැවී සිටියදීයි.

සුනිල් නරායන් පන්දු 28කින් ලකුණු 50ක් ලබා ගත්තා.(6×4, 4×2)

පන්දු යැවීමේ දී නවීන් උල් හක් කඩුලු 2ක් බිද හෙලුවා.

තරගයේ විශේෂ අවස්ථා –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...