ධනංජයගෙන් තුන් ඉරියව් දක්ෂතා – දසුන්ගෙනුත් ශතකයක්

Date:

අන්තර් සමාජ පළමු පෙළ තුන්දින ක්‍රිකට් තරගාවලියේ ප්ලේට් තරග වටය යටතේ ඊයේ(18) නිමාවට පත් වූ තරග අතරින් ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 44 ක ජයක් වාර්තා කිරීමට මුවර්ස් කණ්ඩායම සමත්වුණා.

ඉතිරි තරග පිතිකරුවන්ගේ දක්ෂතා කැපී පෙනෙමින් ජය පැරදුමෙන් තොරවයි නිමාවට පත්වුණේ.

එහිදී ඉනිමක වැඩිම ලකුණු ලාභියා බවට පත් වීමට ලන්කන් කණ්ඩායම් නායක චානක රුවන්සිරි සමත් වුණා.

ඔහු එස්. එස්. සී. පිලට එරෙහිව ලකුණු 165 ක් ලබා ගත් අතර එස්. එස්. සී පිලේ දසුන් ශානක (ලකුණු 112) සහ බදුරලිය ක්‍රීඩා සමාජයේ දුශාන් හේමන්ත ද ශතක වාර්තා කළා.

මීගමුවට එරෙහි තරගයේදී ලකුණු 138 කට කඩුලු 6 ක් දැවී ගොස් තිබියදී පරාජය පෙනි පෙනී තිබූ තරගය ජය පැරදුමෙන් තොර තරගයක් දක්වා රැගෙන යෑමේ පූර්ණ ගෞරවය මැද පෙළ පිතිකරු දුශාන් හේමන්ත වෙත හිමිවිය යුතුයි.

පන්දු 112 කදී ඔහු රැස් කළ ලකුණු 115 ක අගනා ඉනිම නොවන්නට මීගමුව පිල විසින් බදුරලිය කණ්ඩායමට එරෙහිව පූර්ණ තරග ජයග්‍රහණයක් වාර්තා කරනවා නොඅනුමානයි.

ධනංජයගෙන් තුන් ඉරියව් දක්ෂතා – මුවර්ස් පිලට ජය

මුවර්ස් පළමු ඉනිම පන්දුවාර 71.2 දී ලකුණු 206යි – (නිපුන් කරුණානායක 44, දිනුක දිල්ෂාන් 43, මොහොමඩ් ෂමාස් 23, රමේෂ් මෙන්ඩිස් 22, ධනංජය ද සිල්වා 59/7, ඉසුරු උදාන 21/1යි)

ටැමිල් යූනියන් පළමු ඉනිම පන්දුවාර 52 කදී සියලු දෙනා දැවී ලකුණු 178 යි – (ධනංජය ද සිල්වා 95*, රන්මිත් ජයසේන 18, මනෝජ් සරත්චන්ද්‍ර 19, ඉසුරු උදාන 15, ප්‍රවීන් ජයවික්‍රම 53/5, රමේෂ් මෙන්ඩිස් 39/3)

මුවර්ස් දෙවැනි ඉනිම පන්දුවාර 46.1 කදී ලකුණු 171 යි – (පබසර වඩුගේ 44, අයන සිරිවර්ධන 42, කවිෂ්ක අංජුල 43, රමේෂ් මෙන්ඩිස් 17, සචිත්‍ර සේරසිංහ 12, ධනංජය ද සිල්වා 50/5, මදුක ලියනපතිරණ 30/2,සදීෂ් පතිරනගේ 54/2)

ටැමිල් යුනියන් දෙවැනි ඉනිම පන්දුවාර 36.3 කදී ලකුණු 155 යි – (සුරංග ලක්මාල් 40, ඉසුරු උදාන 18, දක්ෂිත ප්‍රනාන්දු 20, තරංග පරණවිතාන 30, මනෝජ් සරත්චන්ද්‍ර 15, ප්‍රවීන් ජයවික්‍රම 91/6, රමේෂ් මෙන්ඩිස් 18/2)

දසුන්ගෙන් ශතකයක් –

එස්.එස්.සී පළමු ඉනිම පන්දුවාර 76දී සියලු ක්‍රීඩකයන් දැවී 332 – දසුන් ශානක 112, ෂම්මු අෂාන් 54, සඳුන් වීරක්කොඩි 32, නවිනිඳු ප්‍රනාන්දු 22, කේෂාන් විජේරත්න 93/3, දුනිත් වෙල්ලාලගේ 97/3)

ලන්කන් පළමු ඉනිම පන්දුවාර 119.4 කදී ලකුණු 375 යි – (චානක රුවන්සිරි 165, ගීත් කුමාර 60, ප්‍රිමෝෂ් පෙරේරා 34, ළහිරු ඩිල්ෂාන් 18, කේෂාන් විජේරත්න 21, කසුන් අබේරත්න 22, ජෙෆ්රි වැන්ඩර්සි 117/5), කලන පෙරේරා 54/3)

එස්.එස්.සී. දෙවැනි ඉනිම පන්දුවාර 48 කදී කඩුලු 4 ට ලකුණු 226 යි – (සඳුන් වීරක්කොඩි 67, නුවනිඳු ප්‍රනාන්දු 45, චරිත් අසලංක 34, කවිඳු කුලසේකර 33, දසුන් ශානක 23, ගීත් කුමාර 49/3)

දුශාන්ගේ ශතකය මීගමුවේ ජය වළකයි

බදුරලිය පළමු ඉනිම පන්දු වාර 84.5දී සියලු ක්‍රීඩකයන් දැවී 267 යි – (සළින්ද පෙරේරා 51, දුනිත් ජයතුංග 57,දමිත් පෙරේරා 43, තිලකරත්න සම්පත් 28, දුෂාන් හේමන්ත 22, යශෝධ ලංකා 22, උපුල් ඉන්ද්‍රසිරි 65/5, ලක්ෂිත මුණසිංහ 65/3)

මීගමුව පළමු ඉනිම පන්දුවාර 105.2 කදී ලකුණු 381 යි – (ඩිල්ෂාන් මුණවීර 91, අෂේන් සිල්වා 30, ඇන්ජලෝ ජයසිංහ 66, මාධව වර්ණපුර 87, රොස්කො තටිල් 33, උපුල් ඉන්ද්‍රසිරි 38, දුෂාන් හේමන්ත 82/4, බුද්ධික සංජීව 90/2, අලංකාර අසංක 43/2)

බදුරලිය දෙවැනි ඉනිම පන්දුවාර 69.1 කදී ලකුණු 276 යි – (දුශාන් හේමන්ත 115, දුනිත් ජයතුංග 48, යශෝධ ලංකා 15, සලින්ද උශාන් 19, ළහිරු මිලන්ත 16, ටී.එන්. සම්පත් 20, අලංකාර අසංක 13, ලක්ෂිත මුණසිංහ 97/5, උපුල් ඉන්ද්‍රසිරි 85/5)

මූලාශ්‍රය – SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...