ශ්‍රී ලංකා සංචාරයට පෙර බංග්ලාදේශයට සතියක කදවුරක් – වෛද්‍ය පරීක්ෂණත් 3ක්

Date:

බංග්ලාදේශ ක්‍රීඩකයින් සදහා සතියක නේවාසික පුහුණු කදවුරක් සංවිධාන කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබෙනවා.

ඒ, එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය අරමුණු කර ගනිමින්.

පුහුණු කදවුර සැප්තැම්බර් 21 වනදා ආරම්භ වීමට නියමිතයි.

මේ අතර, ශ්‍රී ලංකා සංචාරයට පෙර ක්‍රීඩකයින් වෙනුවෙන් කොරෝනා වෛද්‍ය පරීක්ෂණ අදියර තුනක් යටතේ සිදු කිරීමට ද බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පළමු අදියර යටතේ සැප්තැම්බර් 18 වනදා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නිවාස වෙත ගොස් කොරෝනා වෛද්‍ය පරීක්ෂණ සිදු කරනු ඇති.

සැප්තැම්බර් 20 වනදා වන විට සියලු ක්‍රීඩකයින් හෝටල් කාමර වෙත ගෙන්වා ගැනීමට නියමිත අතර, අනතුරුව පුහුණුවීම් අරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ක්‍රීඩකයින් සම්බන්ධයෙන් සිදු කෙරෙන දෙවැනි අදියරේ කොරෝනා වෛද්‍ය පරීක්ෂණය සැප්තැම්බර් 21 වනදා සිදු කරනවා.

අවසන් වශයෙන් ශ්‍රී ලංකාවට පිටත්ව යාමට පෙර ද ක්‍රීඩකයින් වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කෙරෙනු ඇති.

ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව ද ක්‍රීඩකයින් වෛද්‍ය පරීක්ෂණවලට ලක් කිරීමට නියමිතයි.

තරග සංචාරය සදහා වන බංග්ලාදේශ සංචිතයට ක්‍රීඩකයින් 22 දෙනෙකු පමණ නම් කරනු ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලිය ජූලි – අගෝස්තු මාසවලදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, කොරෝනා වෛරසය හේතුවෙන් එය කල් දැමීමට සිදු වුණා.

ඒ අනුව ඔක්තෝම්බර් මාසයේ දී අදාළ තරගාවලිය ආරම්භ වීමට නියමිත අතර, බංග්ලාදේශ කණ්ඩායම සැප්තැම්බර් මස අග මෙරටට පැමිණීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...