සැන්ට්නර් සහ රෂීඩ් බාබඩෝස් පිලට ජය ගෙනෙයි

Date:

කැරිබියන් ප්‍රිමියර් ලීග් හෙවත් සී.පී.එල් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ජය වාර්තා කිරීමට බාබඩෝස් ට්‍රයිඩෙන්ට්ස් කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ ලකුණු 6කින් පරාජයට පත් වූයේ ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායමයි.

ට්‍රිනිඩෑඩ්හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බාබඩෝස් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 153ක් ලබා ගත්තා.

නායක ජේසන් හෝල්ඩර් ලකුණු 38ක් ලබා ගත්තේ පන්දු 22කට මුහුණ දී 6 පහර 3ක් සහ 4 පහර 2ක් සමගින්.

පන්දු යැවීමේ දී ශෙල්ඩන් කොට්‍රෙල් සහ Rayad Emrit ලකුණු 16 බැගින් ලබා දී කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශාන්ත කිට්ස් කණ්ඩායමට කඩුලු 5ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 147ක් පමණයි.

Joshua Da Silva නොදැවී ලකුණු 41යි.

පන්දු යැවීමේ දී මිචෙල් සැන්ට්නර් සහ රෂීඩ් ඛාන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ වීරයා මිචෙල් සැන්ට්නර්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...