චමීර වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට ආදේශක ක්‍රීඩකයෙකු නම් කෙරේ

Date:

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට නම් කර තිබෙනවා.

ඒ, ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර වෙනුවටයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග ඊයේ පළමු වටය යටතේ පැවැති තරගයේ දී පන්දු යවමින් සිටියදී චමීරගේ පාදයක ආබාධයක් සිදු වූ අතර, ඒ හේතුවෙනුයි ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට මේ වන විට සිදුව ඇත්තේ.

කෙසේ වෙතත්, මෙම ආදේශ කිරීමට අයි.සී.සී තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය මෙතෙක් හිමිව නැහැ.

ශ්‍රී ලංකා සංචිතය සමග එක්වීමේ අරමුණින් කසුන් රාජිත කඩිනමින් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතයි.

මේ අතර, වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ද අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ඕස්ට්‍රේලියාව වෙත පිටත් කර හැරීමට බොහෝ විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ඇති.

මෙම තරගාවලිය ආරම්භ වීමටත් පෙර ආබාධයක් හේතුවෙන් වමත් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංකට ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ අතර, ඔහු වෙනුවට සංචිතයට ආදේශ කෙරුණු බිනුර ප්‍රනාන්දු මේ වන විටත් ශ්‍රී ලංකා සංචිතය සමග එක්ව සිටිනවා.

මැදපෙල පිතිකරු ධනුෂ්ක ගුණතිලක හා වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මදුෂාන් ද ආබාධවලට ලක්ව ඇතත්, අද පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක සදහන් කළේ වෛද්‍ය වාර්තා ලැබෙන තුරු ඔවුන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් කිසිවක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...