Watch : ශහීන්ගේ සුපිරි යෝකර් පන්දුවක් නිසා ගුර්බාස්ට වුණ දේ

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයට පෙර පැවැත්වෙන පුහුණු තරග යටතේ අද(19) බ්‍රිස්බේන්හී දී පැවැති තරගයකදී ඇෆ්ඝනිස්තාන ආරම්භක පිතිකරු රහ්මනුල්ලාහ් ගුර්බාස් යම් ආබාධයකට ලක් වුණා.

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ශාහ් අෆ්රිඩි යොමු කළ සුපිරි යෝකර් පන්දුවක් පාදයේ වැදීමෙනුයි ඔහු මෙම ආබාධයට ලක් වුණේ.

පන්දුව පාදයේ වැදීම හේතුවෙන් ගුර්බාස් කඩුල්ල මුවා කිරීමේ වරදට ද හසුව දැවී ගියා.

ඔහු මුහුණ දුන් පළමු පන්වේ දී ම යි මෙම සුපිරි පන්දුවට මුහුණ දීමට ගුර්බාස්ට සිදු වුණේ.

පසුව ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයෙකු විසින් සිය කර මතින් රහ්මනුල්ලාහ් ගුර්බාස්ව ක්‍රීඩාංගනයෙන් ඉවතට රැගෙන යාමට කටයුතු කරනු දක්නට ලැබුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය කඩුලු 6 ක් දැවී ලකුණු 154 ක් රැස් කළා.

පාකිස්තානය පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී ඔවුන් පන්දුවාර 2.2 ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 19 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ අනුව තරගය ප්‍රතිපලයකින් තොරව නිමා කිරීමටයි විනිසුරුවන් කටයුතු කළේ.

අදාළ යෝකර් පන්දුවේ වීඩියෝ දර්ශන කිහිපයක් පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...