ප්‍රමෝද් මදුෂාන් ගැනත් අසුබ ආරංචියක්

Date:

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මදුෂාන්ට මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටය යටතේ ශ්‍රී ලංකාව හෙට (20) ක්‍රීඩා කරන අවසන් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග ඊයේ පළමු වටය යටතේ පැවැති තරගය අතරතුර දී ඔහු මුහුණ දුන් පාදයක ආබාධය හේතුවෙන්.

කෙසේ වෙතත්, ඔහුගේ ආබාධය එතරම් බරපතල නොවන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සදහන් කළේ.

සතියක පමණ කාලයක් ඔහුට විවේක ගැනීමට සිදු වනු ඇති බව ද හෙතෙම කියා සිටියා.

මේ අතර, පාදයක ආබාධයක් හේතුවෙන් ඊයේ පැවැති තරගයට ක්‍රීඩා කිරීමට නොහැකි වූ ධනුෂ්ක ගුණතිලකගේ ආබාධ තත්ත්වය මේ වන විට බොහෝ දුරට සුව වී ඇති බව සදහන්.

හෙට තරගයට පෙර ඔහු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට මුහුණ දීමට නියමිතව තිබෙනවා.

බොහෝ විට ඔහුට හෙට මෙරට වේලාවෙන් පෙරවරු 9.30 ට ජීලෝන්ග් හී දී නෙදර්ලන්තයට එරෙහිව ආරම්භ වීමට නියමිත තරගය සදහා ක්‍රීඩා කිරීමේ හැකියාව පවතිනු ඇති.

කෙසේ වෙතත්, ඊයේ තරගයට ක්‍රීඩා කළ චරිත් අසලංක වෙනුවට ධනුෂ්ක ගුණතිලක යළි කණ්ඩායමට කැදවනු ඇත්දැයි සැක සහිතය.

දුෂ්මන්ත චමීර හා ප්‍රමෝද් මදුෂාන් වෙනුවට හෙට තරගය සදහා ශ්‍රී ලංකාව වෙනුවෙන් බිනුර ප්‍රනාන්දු හා ලහිරු කුමාර ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

චමීර වෙනුවට කසුන් රාජිත ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කර ඇති අතර, ඒ සදහා අයි.සී.සී තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය අවශ්‍ය වනවා.

තවත් වේග පන්දු යවන්නන් කිහිප දෙනෙකු අතිරේක ක්‍රීඩකයින් ලෙස ඔස්ට්‍රේලියාව වෙත පිටත් කර හැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...