ශ්‍රී ලංකාව ඇතුළු සෙසු කණ්ඩායම් සුපිරි 12 ට යන්නේ කොහොමද ?

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ තමන් ක්‍රීඩා කළ දෙවැනි තරගයෙන් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණේ තරගාවලියේ සුපිරි 12 වටයට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු ඉහළ මට්ටමක රදවා ගනිමින්.

Also Read : පැතුම්ගේ 74 හා පන්දු යවන්නන්ගේ සුපිරි දක්ෂතා ශ්‍රී ලංකාවට පළමු ජය හිමි කර දෙයි

පළමු වටය යටතේ පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නැමීබියාව හමුවේ පරාජයට පත් වූ අතර, පළමු වටය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන අවසන් තරගය නෙදර්ලන්තයට එරෙහිව එළඹෙන 20 වැනිදා පැවැත්වීමට නියමිතයි.

සුපිරි 12 වටයට සුදුසුකම් ලැබීමටනම් ශ්‍රී ලංකාව ඇතුළු A කාණ්ඩයේ සෙසු කණ්ඩායම් සිදු කළ යුතු වන්නේ කුමක් ද? මේ, ඒ පිළිබද විමසා බැලීමක්.

මේ වන විට A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව ක්‍රීඩා කළ තරග දෙකම ජය ගනිමින් ප්‍රසාද ලකුණු 4කට හිමිකම් කියන නෙදර්ලන්තය පෙරමුණේ පසුවනවා. ඒ, +0.149 ක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් හිමි කර ගනිමින්.

ක්‍රීඩා කළ එක් තරගයක් ජය ගනිමින් එක් තරගයක් පරාජයට පත් වූ නැමීබියාව ප්‍රසාද ලකුණු 2ක් සමග දෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ +1.277 ක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් හිමි කර ගනිමින්.

එක් තරගයක් ජය ගෙන එක් තරගයක් පරාජයට පත් වූ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 2ක් සමග +0.600 ක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් හිමි කර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය හිමි කර ගෙන තිබෙනවා.

Also Read : ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු ආබාධවලට ලක් වෙයි

ක්‍රීඩා කළ තරග දෙකම පරාජයට පත් වූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට හිමිව ඇත්තේ සිව්වැනි හා අවසන් ස්ථානයයි.(-2.028)

A කාණ්ඩය යටතේ තවත් තරග දෙකක් ඉතිරිව ඇති අතර, එළඹෙන 20 වැනිදා එම තරග දෙක පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තයත්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා නැමීබියාවත් අතරයි.

මේ වන විට ශ්‍රී ලංකාවේ දල ලකුණු ලබා ගැනීමේ වේගය නෙදර්ලන්තයට වඩා ඉහළ අගයක් ගන්නා බැවින් මීළග තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායම අනිවාර්යයෙන්ම සුපිරි 12 වටය සදහා සුදුසුකම් ලබනවා.

ශ්‍රී ලංකාව මීළග තරගය ජය ගෙන, නැමීබියාව ද මීළග තරගයෙන් ජය ගතහොත් නෙදර්ලන්තයේ දල ලකුණු ලබා ගැනීමේ වේගය එම කණ්ඩායම් දෙකටම වඩා මේ වන විටත් පහළ අගයක් ගෙන ඇති බැවින් ශ්‍රී ලංකාව හා නැමීබියාව යන රටවල් දෙක සුපිරි 12 වටයට සුදුසුකම් ලබනවා.

ශ්‍රී ලංකාව මීළග තරගය ජය ගෙන, නැමීබියාව මීළග තරගයෙන් එක්සත් අරාබිය හමුවේ පරාජයට පත් වුවහොත්, ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය සුපිරි 12 වටයට සුදුසුකම් ලබා ගන්නවා.

ශ්‍රී ලංකාව මීළග තරගය පරාජයට පත්ව, නැමීබියාව මීළග තරගය ජය ගතහොත් නෙදර්ලන්තය හා නැමීබියාව සුපිරි 12 වටයේ සිය ස්ථාන හිමි කර ගනු ලබනවා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව මීළග තරගය පරාජයට පත්ව, නැමීබියාව ද මීළග තරගය පරාජයට පත්වුවහොත් ශ්‍රී ලංකාව, නැමීබියාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන රටවල් තුනේම ප්‍රසාද ලකුණු ප්‍රමාණය 2ක් ලෙස සම තත්ත්වයට පත් වනවා.

එසේ වුවහොත් ප්‍රසාද ලකුණු 6ක් හිමි කර ගන්නා නෙදර්ලන්තය සුපිරි 12 වටයට සුදුසුකම් ලබන අතර, අනෙක් කණ්ඩායම් තුනේ දල ලකුණු ලබා ගැනීමේ වේගය අනුව ඉදිරියෙන් පසුවන කණ්ඩායමට සුපිරි 12 වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමි වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...