ඔස්ට්‍රේලියාවට එරෙහි පුහුණු තරගයෙන් ඉන්දියාවට තියුණු ජයක්

Date:

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කළ පළමු පුහුණු තරගය බ්‍රිස්බේන් හී දී අද (17) පැවැත් වුණා.

සත්කාරක ඔස්ට්‍රේලියාව සමග පැවැති මෙම තරගයෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු 6ක තියුණු ජයක් වාර්තා කළා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 7ක් දැවී ලකුණු 186 ක් ලබා ගත්තා. කේ එල් රාහුල් ලකුණු 57 ක් හා සූර්යකුමාර් යාදව් ලකුණු 50 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී කේන් රිචර්ඩ්සන් ලකුණු 30 කට කඩුලු 4 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 180 ක් පමණයි.

ආරෝන් ෆින්ච් ලකුණු 76 ක් ලබා ගත්තේ පන්දු 54 කින්.

මොහමඩ් ෂාමි තරගයේ අවසන් පන්දුවාරය පමණක් යොමු කළ අතර, එහිදී ඔහු ලකුණු 4 කට කඩුලු 3 ක් දවා ගනිමින් ඉන්දියාවට තියුණු ජයක් හිමි කර දුන්නා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...