ඔස්ට්‍රේලියානු නව එක්දින නායකයා නිවේදනය කෙරේ

Date:

ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් එරට එක්දින කණ්ඩායමේ නව නායකයා ලෙස පත් කර තිබෙනවා.

ඒ, පසුගිය මාසයේ දී එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කළ ආරෝන් ෆින්ච්ගෙන් පුරප්පාඩු වූ තනතුර සදහායි.

පැට් කමින්ස් මේ වන විටත් එරට ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනවා.

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට වසරක පමණ කාලයක් ඉතිරිව ඇති පසුබිමකයි කමින්ස්ට මෙලෙස එක්දින කණ්ඩායමේ ද නායකත්වය හිමිව ඇත්තේ.

මේ අතර, ජීවිතාන්තය දක්වා නායකත්වය දැරීම තහනම් කරමින් ඩෙිවිඩ් වෝනර්ට එරෙහිව පනවා ඇති තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ද මේ වන විට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ වෙනුවෙන් ක්‍රිකට් ආයතනයේ විනය නීති සංග්‍රහය සදහා සංශෝදනයක් ඇතුළත් කිරීමටයි මේ වන විට එරට ක්‍රිකට් ආයතනය සූදානමින් පසුවන්නේ.

එසේ වුවහොත් අවශ්‍ය අවස්ථාවලදී පැට් කමින්ස් වෙනුවට නායකත්වයේ වගකීම භාර ගැනීමේ අවස්ථාව 35 හැවිරිදි වෝනර්ට හිමි වනු ඇති.

2018 වසරේ දී පන්දුව පළුදු කිරීමේ සිදුවීමට වරදකරුවෙකු වීම හේතුවෙනුයි වෝනර්ට එරෙහිව අදාළ තහනම පැනවුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...