රාසාගේ සුපිරි ප්‍රහාරය සිම්බාබ්වේ පිලට විශිෂ්ඨ ජයක් ගෙනෙයි

Date:

සිකන්ඩ රාසා පන්දු 48 කින් රැස් කළ ලකුණු 82 හමුවේ මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයෙන් අයර්ලන්තය පරදා ලකුණු 31 ක ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද(17) සමත් වුණා.

B කාණ්ඩයේ තරගයක් ලෙස පැවැති මෙම තරගය හෝබාර්ට් හී දී පැවැති අතර, තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 174 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තයට පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 143 ක් පමණයි.

සිම්බාබ්වේ පිල වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් සිය කණ්ඩායමට විශීෂ්ඨ ජයක් අත්කර දීමට දායකත්වය දැක් වූ රාසාගේ ඉනිමට හයේ පහර හා හතරේ පහර 5 බැගින් ඇතුළත් වුණා.

පන්දු යැවීමේ දී අයර්ලන්තය වෙනුවෙන් ජොෂ් ලිට්ල් ලකුණු 24 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිමේ දී අයර්ලන්තය වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූයේ කර්ටිස් කැම්පර්. ඔහු ලකුණු 27 (22) ක් රැස් කළා. George Dockrell හා Gareth Delany ලකුණු 24 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් බ්ලෙසින්ග් මුසරබානි ලකුණු 23 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...