ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ කාලසටහන නිවේදනය කෙරේ

Date:

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන අද(17) නිවේදනය කෙරුණා.

මෙම තරග සංචාරයේ දී ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර එක්දින තරග 3කින් යුත් තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.

එක්දින තරගාවලිය අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතට ද අයත් වනවා.

තරග සංචාරය වෙනුවෙන් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම නොවැම්බර් 22 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතයි.

මෙම තරගාවලිය මීට පෙර පැවැත්වීමට සැලසුම් කර තිබුණේ 2023 වසරේ පෙබරවාරි මාසයේ දී යි.

කෙසේ වෙතත්, කණ්ඩායම් දෙකේ ජාත්‍යන්තර තරග කාලසටහන සලකා බලා තරගාවලිය නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

තරගාවලියේ සියලු තරග මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

පළමු එක්දින තරගය නොවැම්බර් 25 වැනිදා ද, දෙවැනි තරගය 27 වැනිදා ද, තෙවැනි තරගය 30 වැනිදා ද පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...