දකුණු අප්‍රිකාවට ලකුණු 9 ක තියුණු ජයක්

Date:

ඉන්දියාව සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 9ක තියුණු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව ඊයේ(6) සමත් වුණා.

තරගය ලක්නව් හී දී පැවැති අතර, වර්ෂාව හේතුවෙන් මෙම තරගය පන්දුවාර 40කට සීමා කිරීමටයි විනිසුරුවන් කටයුතු කළේ.

තරගය ජය ගැනීම සදහා පන්දුවාර 40 කදී හිමි වූ ලකුණු 250 ක ඉලක්කය හඹා ගිය ඉන්දියාවට පන්දුවාර 40 තුළ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 240 ක් පමණයි.

ෂ්රෙයස් අයියර් පන්දු 37 කින් ලකුණු 50 ක් රැස් කළා. සංජු සැම්සන් පන්දු 63 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 86 ක්.

පන්දු යැවීමේ දී ලුන්ගි එන්ගිඩී ලකුණු 52 කට කඩුලු 3 ක් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක ශිකර් ධවාන්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු පිතිකරුවන් නියමිත පන්දුවාර 40 අවසන් කළේ කඩුලු 4 ක් දැවී ලකුණු 249 ක් ලබා ගනිමින්.

හෙන්රික් ක්ලාසෙන් පන්දු 65 කින් නොදැවී ලකුණු 74 ක් ද, ඩේවිඩ් මිලර් පන්දු 63 කින් නොදැවී ලකුණු 75 ක් ද රැස් කළා.

ඔවුන් දෙදෙනා අතර 5 වැනි කඩුල්ලට ගොඩ නැගුණු නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 139(106) ක්.

ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 48 යි. පන්දු යැවීමේ දී ශර්දුල් තාකූර් ලකුණු 35 කට කඩුලු 2 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...