මැලේසියාව 33 කට දවා ගනිමින් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

Date:

මැලේසියානු කාන්තා කණ්ඩායම ලකුණු 33 කට දවා ගනිමින් මෙවර ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගයෙන් ලකුණු 72 ක ජයක් වාර්තා කිරිමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(8) සමත් වුණා.

සිල්හෙට්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 105 ක් පමණයි.

ඕෂදී රණසිංහ නොදැවී ලකුණු 23 ක් රැස් කළ අතර, චමරි අතපත්තු හා නිලක්ෂි ද සිල්වා ලකුණු 21 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Sasha Azmi හා Ainna Hamizah Hashim කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මැලේසියාවට පන්දුවාර 9.5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 33 ක් පමණයි.

Elsa Hunter ලකුණු 18 ක් ලබා ගත් අතර, පිතිකාරිණියන් 7 දෙනෙකුම ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගියා.

පන්දු යැවීමේ දී මල්ෂා ශෙහානි පන්දුවාර 1.5 ක් තුළ ලකුණු 2 කට කඩුලු 4 ක් දවා ගැනීමට කැපී පෙනුණා.

සුගන්දිකා කුමාරි හා ඉනෝකා රණවීර කඩුලු 2 බැගින් දවා ගත්තා.

මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව ලැබූ තෙවැනි ජයග්‍රහනය මෙයයි. ඒ අනුව ඔවුන් තරග 4ක දී ප්‍රසාද ලකුණු 6 ක් හිමි කර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටිනවා.

ප්‍රසාද ලකුණු 6 බැගින් ලබා සිටින ඉන්දියාව හා පාකිස්තානය ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙලින් පෙරමුණේ හා දෙවැනි ස්ථානයේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...