Watch : මාක්‍රම් අන්ත අසරණ කළ කුල්දීප්ගේ සුපිරි දග පන්දුව

Date:

ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය අද(06) ආරම්භ වුණා.

පළමු තරගය ලක්නව් හී දී ආරම්භ වූ අතර, වර්ෂාව හේතුවෙන් මෙම තරගය පන්දුවාර 40කට සීමා කිරීමටයි විනිසුරුවන් කටයුතු කළේ.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක ශිකර් ධවාන් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව දකුණු අප්‍රිකාවට ලබා දුන්නා.

ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකානු පිතිකරුවන් නියමිත පන්දුවාර 40 අවසන් කළේ කඩුලු 4 ක් දැවී ලකුණු 249 ක් ලබා ගනිමින්.

හෙන්රික් ක්ලාසෙන් පන්දු 65 කින් නොදැවී ලකුණු 74 ක් ද, ඩේවිඩ් මිලර් පන්දු 63 කින් නොදැවී ලකුණු 75 ක් ද රැස් කළා.

ඔවුන් දෙදෙනා අතර 5 වැනි කඩුල්ලට ගොඩ නැගුණු නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 139(106) ක්.

මෙම ඉනිමේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් කඩුල්ලක් බවට පත් වුණේ ඒඩ්න් මාක්‍රම්ගේ දැවී යාමයි.

කුල්දීප් යාදව් යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදිමෙනුයි මාක්‍රම් ලකුණු නොලබා දැවී ගියේ. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...