ලෝක කුසලානය අභියස දකුණු අප්‍රිකාවට තවත් ආබාධ ප්‍රශ්නයක්

Date:

දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේයන් ප්‍රෙටෝරියස්ට මේ දිනවල ඉන්දියාවේ දී පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය මෙන්ම ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ වම් අතෙහි ඇගිල්ලක සිදුව ඇති අස්ථි බිදී යාමක් හේතුවෙන්.

ඉන්දෝර්හී දී පසුගියදා ඉන්දියාවට එරෙහිව පැවැති තෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී යි ඔහු එම ආබාධයට ලක්ව තිබුණේ.

ආබාධය හේතුවෙන් ඔහුට ශල්‍යකර්මයකට ද මුහුණ දීමට සිදු වනු ඇති බව සදහන්.

මාර්කෝ ජන්සෙන් දකුණු අප්‍රිකා එක්දින සංචිතය සදහා කැදවීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

20යි 20 ලෝක කුසලානය සදහා වන දකුණු අප්‍රිකා සංචිතයට අතිරේක ක්‍රීඩකයෙකු ලෙස නම් කර ඇති මාර්කෝ ජන්සෙන් බොහෝ විට ඩ්වේයන් ප්‍රෙටෝරියස් වෙනුවට එම සංචිතයට ද නම් කිරීමට ඉඩ පවතිනවා.

මීට පෙර දකුණු අප්‍රිකානු පිතිකරු රසී වැන් ඩර් ඩුසේන් ද ආබාධයක් හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කෙරුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...