සැන්ට්නර් වෙනුවට ටික්නර් නවසීලන්ත සංචිතයට

Date:

වේග පන්දු යවන ක්‍රීඩක බ්ලෙයාර් ටික්නර් පාකිස්තානයට හා බංග්ලාදේශයට එරෙහිව ආරම්භ වීමට නියමිත පන්දුවාර 20යි 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

ඒ, දග පන්දු යවන ක්‍රීඩක මිචෙල් සැන්ට්නර් පෞද්ගලික හේතුවක් මත පළමු තරග කිහිපය සදහා එක් නොවීම හේතුවෙන්.

පසුගිය සතියේ දී ඔහුගේ බිරිද විසින් ඔවුන්ගේ පළමු දරු උපත සිදු කර තිබූ අතර, ඒ හේතුවෙන් මිචෙල් සැන්ට්නර් මේ වන විට පවුලේ සාමාජිකයින් සමග රැදී සිටිනවා.

තුන්කොන් තරගාවලියේ පළමු තරගය සිකුරාදා(7) නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හී දී පැවැත්වීමට නියමිතව ඇත්තේ පාකිස්තානය හා බංග්ලාදේශය අතරයි.

නවසීලන්තය ක්‍රීඩා කරන පළමු තරගය සෙනසුරාදා දිනයේ දී පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...