15 වැනියා නැතුවම ඉන්දියාව ඔස්ට්‍රේලියාව බලා පිටව යයි

Date:

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට ඉන්දීය කණ්ඩායම අද(6) ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියා.

රෝහිට් ෂර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින් 18 දෙනෙකු අද දිනයේ දී ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

කෙසේ වෙතත්, ලෝක කුසලානය සදහා වන ප්‍රධාන ඉන්දීය සංචිතයේ 15 වැනි ක්‍රීඩකයා නිල වශයෙන් නම් කිරීමක් සිදු කර නොමැති පසුබිමකයි ඉන්දීය ක්‍රීඩකයින් ලෝක කුසලානය සදහා සිය රටින් පිටව ගියේ.

ඒ, වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ආබාධයකට ලක් වීම හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කිරීමත් සමග ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු මෙතෙක් සංචිතයට ආදේශ කර නොමැති බැවින්.

ලෝක කුසලානය සදහා අතිරේක ක්‍රීඩකයින් සිව් දෙනෙකු නම් කිරීමට ඉන්දීය තේරීම් කමිටුව පියවර ගත්තා.

ඊට ඇතුළත්ව ඇති වේග පන්දු යවන්නන් වන්නේ මොහමඩ් ෂාමි හා දීපක් චහාර්.

මොහමඩ් ෂාමි කොවිඩ් 19 ආසාදනය වී සිටි බැවින් ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් තවදුරටත් ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව අවධානයෙන් පසු වන බව සදහන්.

ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය සලකා බලා ඉන්දීය සංචිතයේ 15 වැනි ක්‍රීඩකයා නිවේදනය කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...