පාකිස්තානය පරදා තායිලන්තයට පෙරලිකාර ජයක්

Date:

මෙවර ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගයෙන් පාකිස්තානය පරදා කඩුලු 4ක පෙරළිකාර ජයක් වාර්තා කිරීමට තායිලන්ත කණ්ඩායම අද(6) සමත් වුණා.

බංග්ලාදේශයේ සිල්හෙට් හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කාන්තා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 116 ක් රැස් කළා.

Sidra Ameen ලකුණු 56 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී Sornnarin Tippoch ලකුණු 20 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ තායිලන්තය ඉනිම නිමා වීමට පන්දුවක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 6 ක් දැවී සිටියදීයි.

Natthakan Chantham ලකුණු 61 යි. පන්දු යැවීමේ දී Nida Dar හා Tuba Hassan කඩුලු 2 බැගින් දවා ගත්තා.

මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ඉන්දියාවටත්, දෙවැනි ස්ථානය පාකිස්තානයටත්, තෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවටත් හිමිව තිබෙනවා.

https://twitter.com/cric12222/status/1577973224209530880?s=19

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...