කොදෙව් දැවැන්තයාගෙන් 20යි 20 පිටියේ දී වේගවත් ද්විත්ව ශතකයක්

Date:

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක රකීම් කෝන්වෝල් 20යි 20 තරගයකදී ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා.

අමෙරිකාවේ පැවැත්වෙන ඇට්ලන්ටා විවෘත 20යි 20 තරගාවලියේ දී Atlanta Fire කණ්ඩායම නියෝජනය කරමිනුයි ඔහු මෙම දක්ෂතාවය දැක්වීමට සමත්ව ඇත්තේ.

මෙම තරගයේ දී එම කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ Square Drive කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Atlanta Fire කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ එක් කඩුල්ලක් පමණක් දැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 326 ක්.

කෝන්වෝල් පන්දු 77 කින් නොදැවී ලකුණු 205 ක් රැස් කළේ හයේ පහර 22 කින් හා හතරේ පහර 17 කින් සිය ඉනිම වර්ණවත් කරමින්.

ඔහුගේ ඉනිමේ ප්‍රහාරාත්මක වේගය සටහන් වුණේ 266.23 ක් ලෙසයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Square Drive කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 154 ක් පමණයි.

ඒ අනුව මෙම තරගයෙන් Atlanta Fire කණ්ඩායමට ලකුණු 172 ක දැවැන්ත ජයක් හිමි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...