රොසෝව්ගේ මංගල ශතකය අවසන් 20යි 20න් ඉන්දියාව පරදයි

Date:

ඉන්දියාව සමග පැවැති තෙවැනි හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 49 ක ජයක් වාර්තා කිරීමට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.

කෙසේ වෙතත්, දෙරට අතර පැවැති 20යි 20 තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගත්තේ ඉන්දියාවයි.

ඉන්දෝර්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පිටියට පිවිසි දකුණු අප්‍රිකානු පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 3 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 227ක්.

සිය මංගල 20යි 20 ජාත්‍යන්තර ශතකය වාර්තා කළ රයිලි රොසෝව් පන්දු 48 කින් නොදැවී ලකුණු 100 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 8 හා හතරේ පහර 7 ක් සමගින්.

ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 68 (43) යි. ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 23 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී දීපක් චහාර් හා උමේෂ් යාදව් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුර ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 18.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 178 ක් පමණයි.

දිනේෂ් කාර්තික් ලකුණූ 46(21) ක් රැස් කළ අතර, දීපක් චහාර් ලකුණු 31 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ඩ්වේයන් ප්‍රෙටෝරියස් ලකුණු 26 කට කඩුලු 3 ක් බිද හෙලුවා. වේන් පාර්නෙල්, ලුන්ගි එන්ගිඩී හා කේෂාව් මහරාජ් කඩුලු 2 බැගින් දවා ගත්තා.

https://twitter.com/cric12222/status/1577340042309165056

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...