Watch : දීපක් චහාර්ගේ අනතුරු ඇගවීම

Date:

ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර තෙවැනි හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද (4) රාත්‍රී 7ට ඉන්දෝර් හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිට් ෂර්මා පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකානු පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 3 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 227ක්.

සිය මංගල 20යි 20 ජාත්‍යන්තර ශතකය වාර්තා කළ රයිලි රොසෝව් පන්දු 48 කින් නොදැවී ලකුණු 100 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 8 හා හතරේ පහර 7 ක් සමගින්.

ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 68 (43) යි.

මෙම ඉනිම අතරතුර දී දීපක් චහාර් විසින් පන්දු යවන අන්තයේ රැදී සිටි ට්‍රිස්ටන් ස්ටබ්ස්ව ‘මැන්කඩින්’ ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති දුවද්දී දවා ගැනීමේ ක්‍රමයට හසු කර ගැනීමට ගත් උත්සාහයක් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.

කෙසේ වෙතත්, එය පිතිකරු වෙත සිදු කළ අනතුරු ඇගවීමකින් පමණක් නතර කිරීමට චහාර් කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...