වනිදු හසරංග ලෝකෙන්ම 3 වෙයි

Date:

නවතම පන්දුවාර 20යි 20 ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද නිවේදනය කළා.

ඊට අනුව පිතිකරුවන් අතර පෙරමුණ හිමි කර ගැනීම සදහා පාකිස්තානයේ මොහමඩ් රිස්වාන් හා ඉන්දියාවේ සූර්යකුමාර් යාදව් අතර මේ වන විට උණුසුම් තරගයක් නිර්මාණය වී තිබීම විශේෂත්වයක්.

රිස්වාන් මේ වන විට ශ්‍රේණිගත ලකුණු 854 කට හිමිකම් කියමින් පෙරමුණේ පසුවන අතර, දෙවැනි ස්ථානයේ පසුවන සූර්යකුමාර්ට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 838 ක්.

ශ්‍රේණිගත ලකුණු 677 ක් සමගින් ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක තවදුරටත් 8 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

මේ අතර, 20යි 20 පන්දු යවන්නන් අතර තවදුරටත් පළමු ස්ථානයේ රැදී සිටින්නේ ඔස්ට්‍රේලියාවේ ජොෂ් හේසල්වුඩ්.(ශ්‍රේණිගත ලකුණු 737)

ශ්‍රී ලංකාවේ වනිදු හසරංග එහි තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ශ්‍රේණිගත ලකුණු 692 ක් හිමි කර ගනිමින්.

දකුණු අප්‍රිකාවේ ටබ්රයිස් ශම්සි හා එංගලන්තයේ අඩිල් රෂීඩ් ස්ථාන 3 බැගින් පසු බැස තිබීම ඊට හේතුවයි.

ඒ අනුව ඇෆ්ඝනිස්තානයේ රෂීඩ් ඛාන් දෙවැනි ස්ථානය දක්වාත්, වනිදු හසරංග තෙවැනි ස්ථානය දක්වාත්, ඔස්ට්‍රේලියාවේ ඇඩම් සම්පා සිව්වැනි ස්ථානය දක්වාත් ස්ථාන දෙක බැගින් ඉදිරියට පැමිණ තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...