අවසන් පන්දුවාරයේ කොදෙව්වන්ගේ දුර්වල පන්දු රැකීම හමුවේ ඔස්ට්‍රේලියාවට කඩුලු 3 ක ජයක්

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව අද(5) සමත් වුණා.

මෙම තරගයෙන් කොදෙව්වන්ට පරාජයට පත් වීමට බලපෑ ප්‍රධානම හේතුව බවට පත් වුණේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් තරගයේ අවසන් පන්දුවාරයේ දී දැක් වූ දුර්වල පන්දු රැකීමයි.

ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට්හි Carrara Oval ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 146 ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියාව ඉනිම නිමා වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 7ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායක ආරෝන් ෆින්ච් ලකුණු 58 ක් පන්දු 53 කින් රැස් කළා. මැතිව් වේඩ් නොදැවී ලකුණු 39 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 11 ක් ලබා ගත යුතු වූ අතර, ශෙල්ඩන් කොට්‍රෙල් යොමු කළ එම පන්දුවාරයේ දී මැතිව් වේඩ් ලබා දුන් උඩ පන්දුවක් Raymon Reifer අතින් ද, මිචෙල් ස්ටක් ලබා දුන් උඩ පන්දුවක් ක්යල් මේයර්ස් අතින් ද ගිලිහී යාම තරගයේ ප්‍රතිපලයට බෙහෙවින් බලපානු ලැබුවා.

එමෙන්ම අවසන් පන්දුවාරයේ පස්වැනි පන්දුවේ දී ද නිසි ඉලක්කයට පන්දු රකින්නා විසින් පන්දුව කඩුලු රකින්නා වෙත යොමු කළේ නම් මිචෙල් ස්ටක් දුවද්දී දවා ගැනීමට ද කොදෙව් කණ්ඩායමට අවස්ථාව පැවතුණා.

පන්දු යැවීමේ දී මෙම ඉනිමේ දී ශෙල්ඩන් කොට්‍රෙල් හා අල්සාරි ජෝසප් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 145 ක් ලබා ගත්තේ කඩුලු 9ක් දැවී සිටියදීයි.

ක්යල් මේයර්ස් ලකුණු 39 ක් හා ඔඩියන් ස්මිත් ලකුණු 27 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ජොෂ් හේසල්වුඩ් කඩුලු 3 ක් දවා ගත් අතර, මිචෙල් ස්ටක් හා පැට් කමින්ස් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...