20යි 20 තරගාවලියේ ජය 4-3 ක් ලෙස එංගලන්තයට

Date:

පාකිස්තානය සමග පැවැති තරග 7 කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 4-3 ක් ලෙස ජය ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම ඊයේ (2) රාත්‍රියේ සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති 7 වැනි හා අවසන් 20යි 20 තරගයෙන් එංගලන්තය ලකුණු 67 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 3 ක් දැවී ලකුණු 209 ක් රැස් කළේ කාසියේ වාසිය දිනූ පාකිස්තානයේ ආරාධනයෙන්.

ඩේවිඩ් මලාන් නොදැවී ලකුණු 78 (47) ක් රැස් කළ අතර, හැරී බෘෘක් නොදැවී ලකුණු 46(29) යි. බෙන් ඩකට් ලකුණු 30(19) කට දැවී ගියා.

පන්දු යැවීමේ චී මොහමඩ් හස්නයින් එක් කඩුල්ලක් දවා ගත් අතර, සෙසු කඩුලු දෙකම දැවී ගියේ දුවද්දී දැවී යාම් ලෙසයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයට පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 142 ක් පමණයි.

ශාන් මසූඩ් ලකුණු 56(43) ක් ද, කුෂ්දිල් ශාහ් ලකුණු 27(25) ක් ද, ඉෆ්ටිකාර් අහ්මඩ් ලකුණු 19(16) ක් ද රැස් කළ අතර, සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ.

පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් ලකුණු 26 කට කඩුලු 3 ක් දවා ගත්තා. ඩේවිඩ් විලී ලකුණු 22 කට බිද හෙලූ කඩුලු ගණන 2ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...