මිලර්ගේ ශතකය අපතේ යයි ; දෙවැනි 20යි 20 න් ඉන්දියාවට ලකුණු 16ක ජයක්

Date:

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරග 3 කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 16ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(2) සමත් වුණා.

ගුවහාටි හී දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 238 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාවට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 3 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 221 ක් පමණයි.

ක්වෙන්ටන් ඩී කොක් පන්දු 48 කින් නොදැවී ලකුණු 69 ක් රැස් කළ අතර, සුපිරි ශතකයක් වාර්තා කළ ඩේවිඩ් මිලර් පන්දු 47 කින් නොදැවී ලකුණු 106 ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ල සදහා පන්දු 84 කින් ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 174ක්.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

එම තීරණයට ප්‍රබල පිළිතුරක් ලබා දුන් ඉන්දීය පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 3 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 237 ක්.

ආරම්භක පිතිකරුවන් වූ කේ.එල් රාහුල් ලකුණු 57ක් හා රෝහිට් ෂර්මා ලකුණු 43 ක් රැස් කළා.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ සූර්යකුමාර් යාදව් පන්දු 22 කින් ලකුණු 61 ක් වාර්තා කළේ හයේ පහර හා හතරේ පහර 5 බැගින් එල්ල කරමින්.

විරාට් කෝලි නොදැවී ලකුණු 49 (28) ක් ද, දිනේෂ් කාර්තික් නොදැවී ලකුණු 17 (7) ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී කේෂාව් මහරාජ් ලකුණු 23 කට කඩුලු 2 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...