සුපිරි හඹා යාමකින් පසු කැපිටල්ස් අවසන් තරගයට සුදුසුකම් ලබයි

Date:

විශිෂ්ඨ ලකුණු හඹා යාමක් සමග ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියා කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.

අවසන් වටයේ පළමු තරගයෙන් (Qualifier) භිල්වාර කිංග්ස් කණ්ඩායම කඩුලු 4 කින් පරාජයට පත් කරමිනුයි ඔවුන් එළඹෙන බදාදා(5) පැවැත්වෙන අවසන් තරගය සදහා සුදුසුකම් ලබා ගත්තේ.

ඉන්දියාවේ ජෝද්පූර් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කිංග්ස් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 226 ක් රැස් කළා.

ශේන් වොට්සන් ලකුණු 65 (39) ක් ද, විලියම් පෝර්ටර්ෆීල්ඩ් ලකුණු 59 (37) ක් ද, යුසුෆ් පතාන් ලකුණු 48(24) ක් ද, රජේෂ් බිෂ්නෝයි ලකුණු 36(11) ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මිචෙල් ජොන්සන් ලකුණු 51 කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 19.3 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

රෝස් ටේල්ර් පන්දු 39 කින් වේගවත් ලකුණු 84 ක් රැස් කළ අතර, ඈෂ්ලි නර්ස් පන්දු 28 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 60 ක්.

පන්දු යැවීමේ දී ෆිදෙල් එඩ්වර්ඩ්ස් ලකුණු 54 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

අවසන් වටයේ දෙවැනි තරගය (Eliminator) අද පැවැත්වෙන්නේ ඊයේ තරගයෙන් පරාජයට පත් වූ භිල්වාර කිංග්ස් කණ්ඩායම හා ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායම අතරයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...