කලුවිතාරන අවසන් පන්දුවේ දී ටයිගර්ස් කණ්ඩායමට ජය ගෙනෙයි

Date:

ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගයෙන් ජය වාර්තා කිරීමට මනිපාල් ටයිගර්ස් කණ්ඩායම ඊයේ(1) රාත්‍රියේ දී සමත් වුණා.

ඔවුන් හමුවේ ජෝද්පූර් හී දී පැවැති තරගයේ දී කඩුලු 3 කින් පරාජයට පත් වූයේ ඉන්දියා කැපිටල්ස් කණ්ඩායමයි.

ටයිගර්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් කැපිටල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 2 ක් දැවී ලකුණු 183 ක් ලබා ගනිමින්.

හැමිල්ටන් මසකඩ්සා පන්දු 35 කින් ලකුණු 60 ක් රැස් කළා. දෙනේෂ් රම්දින් පන්දු 51 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 64 ක්. රෝස් ටේලර් නොදැවී ලකුණු 51(31) යි.

කොරේ ඇන්ඩර්සන් ලකුණු 11 කට එක් කඩුල්ලක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටයිගර්ස් කණ්ඩායම ඉනිමේ අවසන් පන්දුවේ දී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 7ක් දැවී සිටියදීයි.

Ricardo Powell පන්දු 52 කින් ලකුණු 96 ක් රැස් කළ අතර, කොරේ ඇන්ඩර්සන් ලකුණු 39 ක් ලබා ගත්තා.

රොමේෂ් කලුවිතාරන පන්දු දෙකකින් ලකුණු 5ක් නොදැවී ලබා ගනිමින් සිය කණ්ඩායමට ජය තහවුරු කර දුන්නා.

ඉනිමේ අවසන් පන්දුවට තරගය ජය ගැනීමට ලකුණු 2ක් ලබා ගත යුතු වූ අතර, එම පන්දුවට කලුවිතාරන හතරේ පහරක් එල්ල කරමින් ටයිගර්ස් කණ්ඩායම ජයග්‍රහනය වෙත රැගෙන ගියා. (දර්ශන පහතින්)

පන්දු යැවීමේ දී ජෝන් මූනි හා ප්‍රවීන් තම්බේ කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මෙම තරගයෙන් ජය ගත්ත ද, මනිපාල් ටයිගර්ස් කණ්ඩායමට මෙවර තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...